ලබාදී ඇති නිර්දේශ වලට අනුකූලව කටයුතු නොකරන්නේ නම් ඉදිරි පැය 48 තුළ සමාජ මාධ්‍ය කිහිපයක් තහනම් කරන බව ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
ටික් ටොක් , වීචැට් ඇතුළු සමාජ ජාල කිහිපයක් ඊට ඇතුලත්. එම සමාගම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි ඇමරිකාව ප‍්‍රකාශ කළේ.
ඔවුන් ඇමරිකානුවන්ගේ දත්ත චීනයට ලබාදෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් චෝදනා කරනවා. නිසි ක‍්‍රමවේදයකින් තොරව හදුන්වාදෙන ලද නිර්දේශ වලට එකඟවිය නොහැකි බවයි එම සමාගම් බලධාරින් පවසන්නේ.
සමාජ වෙබ් අඩවි හරහා ඇමරිකාවේ දත්ත ලබාගන්නා බවට එල්ලවන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බවද චීනය ප‍්‍රකාශ කළා.
The post චීනයට ඔත්තු දෙන සමාජ ජාල දෙකක් තහනම් කිිරිමට ඇමරිකාව සූදානම් appeared first on ITN News.
Post a Comment