ගතවූ දිනයේදීත් ලොව වැඩිම කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉන්දියාවෙන්. එම අගය අනූහත් දහස් හයසිය පනස්හතරක්.
තවත් දින කිහිපයකින් ඉන්දියාව ඇමෙරිකාව ද අබිභවා යමින් ලොව ඉහළම ආසාදිතයින් වාර්තා වන රට බවට පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගතවූ සති කිහිපය තුළදී ඉන්දියාවේ කෝවිඩ් වෛරස ව්‍යාප්තියේ ශීඝ්‍රතාවය කැපී පෙනෙන ලෙසින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ඊයේ (11) දිනයේ දී සොයා ගැණුනු නව ආසාදිතයින් අනූහත් දහස් හයසිය පනස්හතරත් සමගින් ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් හය ලක්ෂ පනස් හත්දහස් තුන්සිය හැත්තෑනවයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 තුළ වාර්තා වූ නව මරණ 1,202 ත් සමගින් එරටින් වාර්තා වන සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව හැත්තෑහත් දහස ඉක්මවා ගියා.
බ්‍රිතාන්‍යයේ කෝවිඩ් වෛරස ආසාදනය පිළිබද අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ සෑම දින හතකට හෝ අටකට වරක් ආසාදන දෙගුණ වන බවත් අවුරුදු 65 ට අඩු සියලුම වයස් කාණ්ඩවල පසුවන පිරිස් වෛරසයට ගොදුරුවීම ඉහළ යමින් පවතින බවත්ය.
The post කොරෝනාවෙන් දවසේ වාර්තාව කැඩූ ඉන්දියාව ඇමෙරිකාවටත් එහා යන ලකුණු appeared first on ITN News.
Post a Comment