ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කරන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එප්පාවල පොලිසිය සමත්වුණා.ඔවුන් සතුව තිබී මත්කුඩු ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණා.
එක් සැකකරුවකු මත්කුඩු සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින අයෙකු බවයි අපවාර්තාකරු පවසන්නේ.
මේ අතර බෙදා හැරීමට සූදානම් කර තිබූ කේරල ගංජා පැකට් 10 ක් සමගින් තවත් කේරල ගංජා ග්‍රෑම් සියයක් අත්අඩංගුවට ගැනීමට පානදුර පොලීසිය සමත්වුණා.
පානදුර මහවිල මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක මෙම ජාවාරම කලක් පුරා සිදු කර ගෙන ගොස් තිබෙනවා. රුපියල් එක් ලක්ෂ දාසය දහසක මුදලක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගැනුණා.
හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 149 ක් සමග සැකකරුවකු තලාව දුම්රියපොල අසලදී අත්අඩංගුවට ගැනුණා. ඔහු තලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු බවයි පොලීසිය පවසන්නේ.
හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් සියයක් සමග සැකකාරියක කුච්චවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකාරියක්.
The post ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කරන දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment