කැලණිවැලි දුම්රිය මාර්ගය ශුද්ධ පවිත්‍ර කිරීම හා දුම්රිය ස්ථාන පිළිසකර කිරීමේ වැඩසටහනක් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසේ දුම්රිය ස්ථාන හා දුම්රිය මාර්ග දෙපස පිරිසිදු කිරීම හා පිලිසකර කිරීම් ආරම්භ කෙරුණේ දුම්රිය වෘතීය සමිතිවල සහභාගිත්වය ඇතිවයි. දුම්රිය ස්ථානවල තීන්ත ආලේප කිරීම සංඥා පුවරු පිළිසකර කිරීම දුම්රිය මාර්ග දෙපස පිරිසිදු කිරීම් ඇතුළු ආදී කටයුතු රැසක් සිදු කෙරුණේ දුම්රිය සේවකයින් අටසීයකගේ සහභාගිත්වයෙන්. අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා.
The post කැලණිවැලි දුම්රිය මාර්ගය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment