Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඩා මිලිලීටර එක්ලක්‍ෂ හතළිස් නව දහසකට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට  

Add comments

ඇහැලියගොඩ ඇපලහේන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ද ගෝඩා මිලිලීටර එක්ලක්‍ෂ හතළිස් නව දහසකට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොරවැව නාමල්වත්ත ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් හා පිහියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මහනුවර පේරාදෙණිය අලුත්පාරේ දුම්රිය හරස් ගේට්ටුව අසලදී සිදු කළ වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 453 ක් සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ.

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සමන්තුරෙයි කන්නගිඅම්මාන් කෝවිල අසලදී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකිවුණා.

විශේෂ කාර්ය බලකාය කහවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් මිලිලීටර දහඅටදහස් හත්සිය පනහක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

 

The post ගෝඩා මිලිලීටර එක්ලක්‍ෂ හතළිස් නව දහසකට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG