රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට විෂ ශරීර ගතවීමේ සිද්ධියට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වගකිවයුතු බව විපක්ෂය චෝදනා කරනවා.
රුසියාවේදී සිදු කෙරුණු පරීක්ෂණ කටයුතු වලින් ඒ පිළිබද සනාථ වී ඇති බව නවාල්නි හිතවාදීන් ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ වී ඇති බවයි ඔවුන් තව දුරටත් සදහන් කරන්නේ.
ජර්මනිය, ප්‍රංශය හා ස්වීඩනයේදී සිදු කෙරුණු රසායනාගාර පරීක්ෂණවලින් ඇලෙක්සි නවාල්නිගේ ශරීරයට විෂ ඇතුලත් වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එම විෂ සාම්පල සෝවියට් සමූහාණ්ඩුව සමයේ වැඩිදියුණු කළ ඒවා බවයි තහවුරු වී ඇත්තේ. එම සියළු චෝදනා රුසියා රජය තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා.
The post විපක්ෂ නායක ඇලෙක්සිට විෂ කැව්වේ පුටින් – රුසියන් විපක්ෂයෙන් චෝදනා appeared first on ITN News.
Post a Comment