Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම සංකලනය වූ ප්‍රතිකර්ම ක්‍රමවේදයක් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය  

Add comments

“සුව ධරණී” හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඊයේ  (17)  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළීබද ජාතික ආයතන පරිශ්‍රයේ දී පැවැත් වුණා.

දේශීයව ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධීය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කරන අතර, ඒ සදහා වාර්ෂිකව විශාල මුලක් විදේශ රටවලට ඇදි යන අතර, නමුත් එම ඖෂධීය අමුද්‍රව්‍ය වර්ග අතුරින් වර්ග 80 ක් පමණ මෙරට වගා කළ හැකි ඖෂධ වේ. එබැවින් මෙම ව්‍යාපෘතිය තුලින් මෙරටින් විදේශයන්ට ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කිරීමටත්, ප්‍රමිතිගත ඖෂධ හා අමුද්‍රව්‍ය නිෂ්පාදනය සදහා ජනතාව යොමු කර වාණිජ ඔසු වගාවන් ප්‍රචලිත කිරීම සහ ඒ තුලින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය තිරීමටත් මෙම ව්‍යාපෘතිය මිගින් අපේක්ෂා කරයි.

ඒ අනුව මෙම “සුව ධරණී” හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය තුලින් දේශීයව ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධීය අමුද්‍රව්‍ය වර්ග මෙරට වගා කර දැනට විදේශ රටවලින් ඖෂධීය අමුද්‍රව්‍ය ආනයනය කිරිම සදහා වාර්ෂිකව වැයවන විදේශ විනිමය 2021 වසරේ දී සියයට 10 අඩු කර ගැනීම අපේක්ෂා කරයි.

දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුව සතුව ගිරාදුරුකොට්ට, පල්ලෙකැලේ, හල්දුම්මුල්ල, පින්නදූව, පටිටිපොල, කන්නෙලිය, නාවින්න ඔසු උයන් වන අතර, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යටතේ නිකවැරටිය, මැදවච්චිය, දංගොල්ල ඔසු උයන් වේ.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය,

“අපේ රටේ විදේශ විනිමය ඉතුරු කර ගැනීම සදහා “සුව ධරණී” වැඩපිළිවෙල තුල අපට ඉළක්කගත වැඩපිළීවෙලකට යාමට පුළුවන්. විදේශ විනිමය ඉතුරු කර ගැනීමට ආයුර්වේදයට පිටරටින් ගෙන්වන ඔසු ද්‍රව්‍ය මේ රට තුල නිපදවා ගැනීමට මෙම වැඩසටහන තුලින් පියවර ගැනීම අපි ජාතියට කරන විශාල යුතුකමක් වෙනවා. පිටරටින් ගෙන එන ඔසු ද්‍රව්‍ය පුළුවන් කරම් සීමා කර ගැනීම සදහා ඉළක්කගත වැඩපිවෙලකට මෙම ඔසු උයන් ගෙනයාම අත්‍යාවශ්‍ය කරුණක් වෙලා තිබෙනවා. ගම්වල පැරණි මිනිස්සු ඔසු පැල තම ගෙවත්තේ වගා කර ගත්තා. හෙළ වෙදකම ගැන මේ ඔසු පැලෑටිවල වටිනාකම ගැන එම අයට ලොකු අවබෝධයක් තිබුනා. දැන් එසේ නැහැ. අපි එම දැක්ම ජනතාව තුල නැවත ගොඩනැන්විය යුතුයි. සියළු මාධ්‍ය හරහා එම ඔසු ද්‍රව්‍යවල ඇති වටිනාකම ගැන ජනතාව දැනුවත් කරමින්, සියළු මාධ්‍ය හරහා ප්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කළ යුතු වෙනවා. නිලධාරීන්, වෛද්‍යවරුන් හරහා ඒ පිළීබද ජනතාව දැනුම්වත් කළ යුතු වෙනවා. ගමෙන්ම මසු හොයාගෙන ගමේ වෙද මහත්තයා සමග එකතු වෙලා ගමේ ලෙඩාට බෙහෙත් කළ යුගයක් අපට තිබුනා. එම තත්ත්වය රට තුල නැවැත ඇති කර ගැනීමට මෙම “සුව ධරණී” වැඩසටහන තුලින් හැකිවෙනවා.

බටහිර වෛද්‍ය ක්‍රම තිබෙන රෝහල්වල ද දේශිය වෛද්‍ය ක්‍රමය සංකලනය වූ ක්‍රමවේදයක් ගැන සාකච්ඡාවක් ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වෛද්‍ය කටයුතුවලින් පසු අපට අපේ දේශිය වෛද්‍ය ක්‍රම තුලින් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකියි.”

මෙම අවස්ථාවට වෙලද අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා කුමාරි වීරසේකර රාජ්‍ය ලේකම්තුමීය ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංත යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වූහ.

The post බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම සංකලනය වූ ප්‍රතිකර්ම ක්‍රමවේදයක් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG