Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොලීවියාවේ වැඩබලන ජනාධිපති ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වයි  

Add comments

බොලීවියාවේ වැඩබලන ජනාධිපති ජෙනින් ඇනෙස් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව අද (18) නිවේදනය කළා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් වැළකී සිටීමට තමා තීරණය කළේ ඒ සදහා ඉදිරිපත්වන අනෙකුත් තරගකරුවන් ශක්තිමත් කිරීමට බවයි ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියේ. පසුගිය වසරේ උද්ගතවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ එවකට ජනාධිපති එවෝ මොරාලෙස් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු දැනට ආර්ජන්ටිනාවේ දේශපාලන රැකවරණය යටතේ පසුවනවා.

පුරප්පාඩු වූ ජනාධිපති තරනතුරේ වැඩබැලීම සදහා ජෙනින් ඇනෙස්  තෝරා ගැනීමටයි සෙනෙට් සභාව පියවර ගත්තේ. බොලීවියාවේ ජනාධිපතිවරණය එළඹෙන මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

 

 

 

The post බොලීවියාවේ වැඩබලන ජනාධිපති ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG