Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙක්ටර් කොබ්බෑකඩුව ගුණානුස්මරණ උත්සවයට අගමැති එක් වෙයි  

Add comments

හෙක්ටර් කොබ්බෑකඩුව මධ්‍යස්ථානයේ පැවති, දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37 වැනි ගුණානුස්මරණ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද ( 18) දින සහභාගී වුණා.

හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා එක්වුණු අග්‍රාමාත්‍යතුමා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීය.

මෙහිදී හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය විසින් අග්‍රාමාත්‍යතුමාට සමරු තිළිණයක් හා ග්‍රන්ථයක් පිළිගැන්වීය.

මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ හා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන් හා සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

The post හෙක්ටර් කොබ්බෑකඩුව ගුණානුස්මරණ උත්සවයට අගමැති එක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG