Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් අත්අඩංගුවට  

Add comments

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මුහුදු වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැරෑලිය වරායෙන් ඉවත් කරන මුහුදු වැලි කොළඹට ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ටිපර් රථ තුන හා රියදුරන් අත්අඩංගුවටගත් බව මීටියාගොඩ පොලීසිය පවසනවා. ටිපර් රථ රියදුරන් තිදෙනා පොලිස් ඇප මත මුදා හැරුණු අතර ඔවුන්ට එරෙහිව ලබන 24 වනදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමටයි කටයුතු යොදා ඇත්තේ.

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

The post මුහුදු වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG