ජීව අත්බෝම්බයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්බෝම්බය සමඟ සැකකරු අත්අඩංගුවට ගත්තේ මඩකලපුව සින්නඌරනි ප‍්‍රදේශයේදී. ඔහු සතුව තිබී කඩුවක් ද සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.
සැකකරු මඩකලපුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.
මීටියාගොඩ ඩග්ලස් ගුරුගේ මාවත ප‍්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
The post ජීව අත්බෝම්බයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment