Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කළැයි කියූ නඩුව අවසන් වූ හැටි  

Add comments

අධිකරණයට අපහාස කළේ යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව දෙපාර්ශ්වයේ එකගතාව මත අවසන් කෙරුණා.

පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැද වූ අවස්ථාවේ උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන බී ඩැනීස්වරන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මෙම නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින අභියාචනයක් ඉල්ලා අස් කර ගැනීමට සී වී විග්නේෂ්වරන් හා ආනන්ද ශෂිධරන් යන මහත්ම මහත්මීන් එකගතාව පළ කර ඇති බව සදහන් කළා. එහෙයින් පැමිණිල්ලට අදාළ විභාගය තවදුරටත් පවත්වාගෙන යාමට තම සේවාදායකයා අපේක්ෂා නොකරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ. විග්නේෂ්වරන් පාර්ශ්වයද අභියාචනය ඉවත් කර ගැනීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් පසු නඩු කටයුතු අවසන් කෙරුණා.

The post විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කළැයි කියූ නඩුව අවසන් වූ හැටි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG