Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාර්ග අනතුරුවලින් මිය ගිය අයගේ ඥාතීන්ට වන්දි  

Add comments

මාර්ග අනතුරුවලින් දෛනිකව සැළකිය යුතු   පිරිසක් මිය යාම හා ආබාධිත තත්ත්වයට පත් වීම සමාජයට බරපතල ගැටලුවක්. ඔවුන්ගේ පවුල් සංස්ථාවට පමණක් නොව සමස්ථ රටටම එය  දැනෙන කරුණක් වනවා.

දිවයිනේ දිනකට මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු පමණ නිරපරාදේ මිය යනවා. 20 දෙනෙකුට ආසන්න පිරිසක් දිනපතා ආබාධිත තත්ත්වයට පත් වීම ගැටලුව තවත් බරපතල කිරීමක්. නොහික්මුණු රියදුරන්ගේ ක්‍රියාකලාපය මෙම අවාසනාවන්ත තත්ත්වයට බෙහෙවින් හේතු වී තිබෙනවා. පසුගිය වසරේ මාරක රිය අනතුරු 2688 ක් සිදු කර තිබෙනවා. මෙහිදී පුද්ගලයන් 2851 දෙනෙකු මිය ගියා. එමෙන්ම මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට අගොස්තු 31 වනදා දක්වා අනතුරු සිදු කර පලා යාමේ සිද්ධීන්වලදී පුද්ගලයින් 31 දෙනෙකු මිය ගියා. පදිකයින් 391 දෙනෙකු, යතුරුපැදිකරුවන් 505 දෙනෙකු, පසුපැදිකරුවන්  88 ක්,රියදුරන් 109 දෙනෙකු,මගීන් 177 දෙනෙකු, පාපැදිකරුවන් 106 දෙනෙකු ද මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා.  මහමඟ අනතුරු සිදු කර පලා ගිය රියදුරන් හේතුවෙන් ආබාධිත තත්ත්වය පත් වූ අයට හා  මිය ගිය අයගේ ඥාතීන් සදහා මාර්ග ආරක්ෂාව පිලිබද ව ජාතික සභාවෙන් වන්දි පිරිනැමුණේ ඔවුන්ට යම් සහනයක් වීම සදහායි. වන්දි ප්‍රදානය සිදු වුයේ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්යෙනුයි.

 

The post මාර්ග අනතුරුවලින් මිය ගිය අයගේ ඥාතීන්ට වන්දි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG