ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස යොෂිහිඩ් සුගා පත්ව තිබෙනවා.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමෙන් අති විශිෂ්ට ජයක් ලබා ගැනීමට එරට රජයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ලෙස කටයුතු කළ යොෂිහිඩ් සුගාට හැකිව තිබෙනවා. ෂින්සෝ අබේ ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගින් ජපාන පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා තෝරා ගැනීම සදහා ඡන්ද විමසීම පැවැත්වුණා. එහිදී ඡන්ද පන්සිය තිස් හතරෙන් තුන්සිය හැත්තෑ හතක් දිනා ගැනීමට සුගා සමත් වුණා. හැත්තෑ එක් හැවිරිදි වියේ පසුවන යොෂිහිඩ් සුගා පවසන්නේ ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයා අනුගමනය කළ ආර්ථික හා විදෙස් ප්‍රතිපත්තිය ඉදිරියටද ක්‍රියාත්මක කරන බවයි. ජපානයේ දීර්ඝ කාලයක්ම අග්‍රාමාත්‍ය ධූරය හෙබ වූ නායකයා වන්නේ ෂින්සෝ අබේයි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු පසුගිය මාසයේදී සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.
The post ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස යොෂිහිඩ් සුගා පත් වෙයි appeared first on ITN News.
Post a Comment