භූගත ගබඩාවක් සහිත මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වේයන්ගොඩ මුද්දරගම ප්‍රදේශයේ දී වැටලීමට පල්ලෙවෙල පොලීසිය සමත්වුණා.
මෙහි තිබී ගෝඩා මිලිලීටර් ලක්ෂ 30 ක් පමණ සෙයා ගත්තා. ප්‍රදේශයේ කිරි ගොවියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු මෙම ජාවාරම සිදුකර තිබෙනවා.
මේ අතර මෙරට නිෂ්පාදනය කළ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු උඩුදුම්බර කලල්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. විසිනව හැවිරිදි සැකකරු මෙම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු බවයි පැවසෙන්නේ.
බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බොරැල්ල දුම්රිය ක්‍රීඩාංගනය අසල කළ වැටලීමකදී කොකේන් ග්‍රෑම් 36 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පැවසෙන්නේ.
The post භූගත ගබඩාවක් සහිත නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි appeared first on ITN News.
Post a Comment