Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්‍රීඩා පිටියෙන් ඈත්වන දරුවන් යළි ක්‍රීඩාවට ලං කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්  

Add comments

ක්‍රීඩා පිටියෙන් ඈත්වන දරුවන් යළි ක්‍රීඩාවට ලං කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පුත්තලම මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ  ඉදි කෙරෙන නව ක්‍රීඩාංගනයේ  ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා පසුගිය 19 වනදා  පුත්තලම ප්‍රදේශයේ සංචාරයක නිර වන අවස්ථාවේදී මෙම විද්‍යාලයට  පැමිණියා. පාසලේ ඇති ක්‍රීඩාංගනය තමන්ට ක්‍රීඩා කිරීමට හැකි ආකාරයට සකස් කර දෙන ලෙස දරුවන් එහිදී ඉල්ලීමක් කළා.

ඒ මොහොතේම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිතුමා ක්‍රීඩාංගනය සංවර්ධනය කරන ලෙසට උපදෙස් ලබා දුන්නා.

එම සංවර්ධන කටයුතු  සිදු වන ආකාරය සොයා බැලීම සදහායි නාමල් රාජපක්ෂ මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ. තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඒ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.

 

 

The post ක්‍රීඩා පිටියෙන් ඈත්වන දරුවන් යළි ක්‍රීඩාවට ලං කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG