ශ්‍රී ලංකාව ඉදිරි වසර 5 තුළ සංවර්ධනයේ ඉහළම තලය කරා ගෙනයාම රජයේ ඉලක්කය වී තිබෙනව බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙනයාමේ අරමුණෙන් ආයෝජකයන් හා ව්‍යවසායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති ආයෝජන සංසදයකදීයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. කොවිඩ් නයින්ටීන් වැනි අර්බුදකාරී තත්ත්වයකදී වුවද ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉහළ කැමැත්තක් දක්වන බවද ඒ මහතා පෙන්වා දුන්නා.
(අපිට ශ්‍රී ලංකාව තව වසර පහක් තුළදී සංවර්ධනයේ ඉහළම තලයට ගෙනයාමට අවශ්‍යයි. වර්තමානයේ කොවිඩ් වසංගතය හේතුවෙන් දුෂ්කරතා මතුවුවද බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉක්මනින් යථාතත්ත්වයට පත්වන්නට පුළුවන් වේ යැයි කියලා මා සිතනවා. එය පහසු කාර්යයක් නොවේ. වසංගතය දුරුවීමට තව මාස ගණනක් හෝ අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් ඉදිරි ගමන සඳහා අපි සූදානම්ව සිටිය යුතුයි.)
The post සංවර්ධනයේ ඉහළම තලයට රට ගෙනයාම රජයේ ඉලක්කයයි appeared first on ITN News.
Post a Comment