යුද හමුදා මාර්ග බාදක දෙකකදී සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීතිවිරෝධී ලෙස ප‍්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 205 ක් සහ ගංජා කිලෝ ග‍්‍රෑම් 104 ක් සමඟ.
මැදවච්චිය මන්නාරම මාර්ගයේ මාර්ග බාදකයකදී ආරක්ෂක අංශ ලොරි රථයක් පරික්ෂාවට ලක්කළා. එහිදී ලක්ෂ අට ඉක්මවන වටිනාකමින් සමන්විත කහ තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් මිලියන 28 ක් ඉක්මවන වටිනාකමක් සහිත කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කුංචිකුලම් මාර්ග බාදකයේදී. ඒ පිලිබද පරික්ෂණ සිදුකරන බවයි යුද හමුදාව සදහන් කළේ.
The post කහ සහ කේරළ ගංජා සමඟ හතරදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment