Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවේ කෝවිඩ් මරණ සංඛ්‍යාව හැත්තෑදහස ඉක්මවයි  

Add comments

ගතවූ පැය 24 තුළදී මෙක්සිකෝවේ කෝවිඩ් මරණ 534 ක් වාර්තා වීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව හැත්තෑදහස ඉක්මවා ගිය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් මාර්තු මස මැද සිට අගෝස්තු මස මුල දක්වා මෙක්සිකෝවේ අතිරික්ත මරණ දත්තවල විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීමෙන් හැගවෙන්නේ එරට කෝවිඩ් නිල මරණ සංඛ්‍යාව මීට වඩා දසදහස් ගණනකින් වැඩිවිය හැකි බවයි.

කෝවිඩ් නයින්ටීන් වසංගතය මැඩපැවැත්වීම සදහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් අති බහුතරයකින් අනුමතකර ගැනීමට කටයුතු කර තිබෙනවා. වසංගතය පාලනය කිරීම,  අවම කිරීම සහ ජය ගැනීම සදහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සහභාගීත්වය තිව්‍ර කළ යුතු බවයි වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

මෙම යෝජනාව සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ ගුණාත්මක,  ආරක්ෂිත,  ඵලදායී සහ දැරිය හැකි රෝග විනිශ්චය,  ඖෂධ සහ එන්නත් සදහා කාලෝචිත ලෙස ප්‍රවේශවීමට සියලු දෙනාට අවස්ථාව සළසා දෙන ලෙසයි.

 

The post මෙක්සිකෝවේ කෝවිඩ් මරණ සංඛ්‍යාව හැත්තෑදහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG