Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර ප්‍රථම සාම සාකච්ඡා වටය අද ඇරඹෙයි  

Add comments

ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර ප්‍රථම සාම සාකච්ඡා වටය කටාර් රාජ්‍යයේදී අද (12) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

සාකච්ඡාවේ සමාරම්භය සඳහා සහභාගි වන ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළේ මෙය ඉතිහාසගතවන අවස්ථාවක් බවයි. සාමසාකච්ඡා සඳහා ඇෆ්ගනිස්ථාන තලේබාන් නියෝජිතයින් කාබුල් නුවර සිට ඊයේ පිටව ගොස් තිබෙනවා. සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 19 වන අනුස්මරණය යෙදී තිබූ ඊයේ දිනය ඇෆ්ගනිස්ථානයට විශේෂ දිනයක් වුණා.

තලේබාන් පාලනය අවසන් කිරීම සඳහා ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීමට මුල්වූයේ ද සැප්තැම්බර් 11 ප්‍රහාරයයි.

කෙසේ නමුත් පසුගිය පෙබරවාරි මාසයේ ඇමෙරිකාව සමඟ ඇතිවූ එකගතාව තලේබාන් සංවිධානය සාමසාකච්ඡා සඳහා එකගතාව පළකළා.

 

 

 

 

The post ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර ප්‍රථම සාම සාකච්ඡා වටය අද ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG