රාජ්‍ය සේවය සඳහා බඳවාගත් උපාධිධාරීන්ගේ නායකත්ව සහ අභිප්‍රේරණ වැඩසටහන අද ආරම්භ වුණා.
උපාධිධාරීන් හැට දහසක් රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීමට මේ වන විට පියවර ගෙන අවසන්. උපාධිධාරීන් පනස් දහසකට රැකියා ලබාදීමට අයදුම්පත් කැඳවූවද එය හැට දහස දක්වා වැඩි කෙරුණේ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුවයි. පසුගිය දෙවනදා උපාධිධාරීන් පනස් දහස් එකසිය හැත්තෑ හත් දෙනෙකු රාජ්‍ය සේවයට බදවා ගත්තා. සෙසු පිරිස ද හැකි ඉක්මනින්ම බඳවා ගැනීමට සියලු පියවර ගෙන අවසන්. බදවාගත් උපාධිධාරීන් සඳහා නායකත්ව සහ අභිප්‍රේරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ සෑම අංශයක්ම ආවරණය වන පරිදී දීප ව්‍යාප්තවයි. වව්නියාව දිස්ත්‍රික් වැඩසටහන වව්නියාව දිසා ලේකම් කාර්යාලයේදී ආරම්භ වූයේ දිසා ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
The post බඳවාගත් උපාධිධාරීන්ගේ නායකත්ව සහ අභිප්‍රේරණ වැඩසටහන අද appeared first on ITN News.
Post a Comment