Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ ඡන්ද විමසීම අද  

Add comments

ජපානයේ පාලක නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය හේතූන් මත අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ පසුගිය මාසයේදී ධුරයෙන් ඉල්ලා අස්වන බවට නිවේදනය කළා. ඒ හේතුවෙන් පාලක නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නව නායකයෙකු තෝරා පත් කර ගැනීමට සිදුව ඇති අතර පක්ෂයේ නායකත්වයට තේරී පත්වන පුද්ගලයා එරට අග්‍රාමාත්‍ය ධුරයට ද සුදුසුකම් ලබනවා. අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේගේ සමීපතමයෙකු වන ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිහිඩේ සුගා හට නායකත්වය හිමිවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේගේ ආර්ථික ප්‍රතිපත්ති තම නායකත්වය යටතේද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය තරගයට එක්වෙමින් පසුගිය සතියේදී ඔහු ප්‍රකාශ කර සිටියා. අද නායකත්වයට තේරී පත්වන පුද්ගලයා 2021 වසරේ සැප්තැම්බර් මස දක්වා තනතුරේ රැදී සිටීමට නියමිතයි.

The post ජපානයේ ඡන්ද විමසීම අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG