Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ලේකම් අධිකරණ ඇමැති හමුවෙයි  

Add comments

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ පළමු ලේකම් (First Secratery ) Ran Xiong මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදි පැවත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා චීන රජය විසින් දෙනු ලබන සහයෝගය පිළිබදව එහිදි අදහස් හුවමාරු විය. විශේෂයෙන් මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා චීන රජය විසින් ලබා දෙනු ලබන සහයෝගය පිළිබදව සාකච්ඡා කළ අතර එම සහාය ඉදිරියේදීත් ලබා දෙන බව චීන නියෝජිත පිරිස එහිදී සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා චීන රජය ලබා දෙනු ලබන සහයෝගය අගය කරන බවත් විශේෂයෙන් අධිකරණ පද්ධතියේ යටිතළ පහසුකම් වැඩි දියුණු කිරීමට ලබා දී ඇති සහ ලබා දෙන සහයෝගය ප්‍රශංසනීය බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ ගොඩනැගිළි වල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වන විට අබලන් තත්වයට පත්ව තිබීමට විසදුම් වශයෙන් ඉදි කිරීමට නියමිත අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම පිළිබදව මෙහිදි සාකච්ඡා විය.

අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් විය.

The post ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ලේකම් අධිකරණ ඇමැති හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG