Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි  

Add comments

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඇතැම් පළාත්වලට මිලි මිටර පනහට වැඩි වැසි ඇති විය හැකි බවයි කාර්යේ නියුුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පවසන්නේ.

උතුරු මැද, ඌව, නැගෙනහිර, සහ මධ්‍යම පළාත්වලත් මුලතිව්, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යහන 12 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

මුහුද ආශ‍්‍රිතවද සුළගේ වේගය පැයට කිලෝ මිටර 55 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

The post ප්‍රදේශ කිහිපයකට අදත් වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG