Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ස්‍ය ආහාර නිෂ්පාදන යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට බැංකු ණය  

Add comments

මත්ස්‍ය ආහාර නිෂ්පාදනය වැඩිකිරීම සඳහා යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට සහන පොලී යටතේ බැංකු ණය ලබාදීමට ධීවර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ති‍බෙනවා.

මේ සඳහා අවශ්‍ය කටයුතු සොයා බලන්නැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ජා ඇල පිහිටි මත්ස්‍ය ආහාර නිෂ්පාදනාගාරයේ කටයුතු සොයා බැලීමෙන් අනතුරුවයි. මත්ස්‍ය ආහාර නිෂ්පාදනය වැඩිකිරීම සඳහා ගතහැකි පියවර පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී කරුණු සොයා බැලුවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. එහි වාහන අංගනය වෙත අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු වුණා. පැය විසි හතර පුරාම එහි පවිත්‍රතාව පැවතිය යුතු බවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අදාළ අංශ වෙත අවධාරණය කළේ.

 

The post මත්ස්‍ය ආහාර නිෂ්පාදන යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට බැංකු ණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG