Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

මහල් තුනකින් සමන්විත ගොඩ නැගිල්ල අද අලුයම 3.40 ට පමණ කඩා වැටීමට ලක්ව ඇති අතර තවත් පුද්ගලයින් 25 දෙනෙකු පමණ ඒ තුළ සිරව සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ. පුද්ගලයින් 31 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා. එම පිරිස අතරට කුඩා දරුවෙකු ද අයත්.මෙම ගොඩනැගිල්ලේ පවුල් 20ක් පමණ වාසය කළ බවයි බලධාරීන් සඳහන් කරන්නේ. කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ මීට වසර  40 කට පමණ පෙරයි. ආපදාවට පත්වූ පිරිස් වෙත කඩිනමින් අවශ්‍ය පහසුකම් හැකි ඉක්මනින් සපයන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

 

 

 

The post මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG