වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණෙන් නවසීලන්තයේ පනවා ඇති සියලුම නිරෝධායන නීති ඉවත් කිරීමට පියවර ගත් බව එරට අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආඩ්න් අද නිවේදනය කළා.
කෙසේ වුවද දෙවන වටයේ වෛරස ව්‍යාප්තියක් ආරම්භ වී ඇති ඕක්ලන්ඩ් නගරය තුළ වෛරසය මැඩලීමට සීමා කිහිපයක් පමණක් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. වෛරසය ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කළ රටක් ලෙස නවසීලන්තය පැවතිය ද අගෝස්තු මාසයේදී නැවතවරක් ඕක්ලන්ඩ් නගරයෙන් ආසාදිතයින් වාර්තා වීමත් සමග එම නගරය වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. කෙසේ වුවද අද දිනයේදී එරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. එළඹෙන මස 17 වන දින එරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර ඉතා අපහසුවෙන් එය ජයග්‍රහණය කිරීමට අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආඩ්න් සමත්වනු ඇති බව විශ්ලේෂකයින් අනාවැකි පළකරනවා.
The post නවසීලන්තයේ සියලුම නිරෝධායන නීති ඉවත් කෙරේ appeared first on ITN News.
Post a Comment