ඔසු ගම්මාන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාවින්න ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී ඇරඹෙන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
පසුගිය වකවානුව තුළ අප රටෙහි වැවෙන දේශීය ඖෂධ ශාක සහ පැළෑටි වර්ග රැසක් අධික වියදමක් දරමින් පිටරටින් ආනයනය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි අප රටේ වැවෙන සහ නිපදවිය හැකි ඖෂධීය වටිනාකමක් ඇති දේශීය ශාක සහ පැළෑටි මෙරට නිපදවීම තුළින් පිටරට වෙත අනවශ්‍ය පරිදි ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරට ඉතිරි කරගත හැකි බවයි.
අද ( 17) දින අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනයත් යෙදෙන බැවින් එවන් සුවිශේෂී දිනක එම උත්සවය පවත්වන අවස්ථාවේදීම ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් මෙම ඔසු පැල සංරක්ෂණ සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹීමට අදහස් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
එළඹෙන 19 වනදා අනුරාධපුර රුවන්වැලි මහා සෑය ඉදිරියේදී දේශීය ඖෂධ පූජාවක් සිදුකර ඉන්පසු එම අනුරාධපුර පූජා භූමියේ ස්ථාන කිහිපයක මෙම ඔසුපැල වගා කිරීමේ වැඩසටහන එනම් ඔසු ගම්මාන බිහි කිරීමේ වැඩසටහන ඇරඹීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.
දිවයිනේ පාසල්, පන්සල්, නිවෙස්, කාර්යාල ආදී සෑම ස්ථානයකම සියලුදෙනා ඔසුපැලයක් සිටුවීමෙන් මෙම කර්තව්‍යයට සහය දක්වන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
The post ඔසු ගම්මාන වැඩසටහන අද ඇරඹේ appeared first on ITN News.
Post a Comment