කෝවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නවසීලන්තය දැඩි ආර්ථික අවපාතයකට මුහුණ දී සිටිනවා.
1987 වර්ෂයෙන් පසු නවසීලන්තය මුහුණ දී ඇති දැවැන්තම ආර්ථික අවපාතය ලෙසයි මෙය සැළකෙන්නේ. රටේ දළ දේශීය නිෂ්පාදනය සියයට දොළහයි දශම දෙකකින් පහත ගොස් ඇති බවද නවසිලන්ත ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. රට වසා දැමීම ඊට මූලික හේතුව බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ වන විට නවසීලන්තය කෝවිඩ් ව්‍යාප්තියේ දෙවන රැල්ලටද මුහුණ පා සිටිනවා.
The post නවසීලන්තය දැඩි ආර්ථික අවපාතයකට appeared first on ITN News.
Post a Comment