Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දරු පවුලකට ජීවිතය අහිමි වූ පසු බූවැලිකඩ ගොඩනැගිල්ලේ අත්තිවාරම ගැනත් සොයයි  

Add comments

මහනුවර බූවැලිකඩ  ගිලා බැසීමට ලක් වූ ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ මහනුවර නගර සභාව අනුමත කළ සැළසුමට අනුකූලව දැයි සොයා බැලීමේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැලසුම අනුමත වූ පසුව ද සංශෝධන කිහිපයක් සඳහා අවසර ඉල්ලා තිබූ බවයි මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා පවසන්නේ.

කෙසේ වෙතත් පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු ප්‍රකාශ කරන්නේ සියලු ඉදිකිරීම් සඳහා අදාළ සියලු අනුමැතීන් ලබාගෙන ඇති බවයි.

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවත ප්‍රදේශයේ පිහිටා තිබූ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් අඹුසැමි යුවලකට සහ ඔවුන්ගේ මාස එකහමාරක බිලිදාට දිවි අහිමි වුණා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර මහරෝහලේදී සිදු කෙරුණු අතර සිරුරු ඥාතීන්ට භාරදීම අද සිදු කෙරුණා.

ගොඩනැගිල්ල කඩා වැටීමේ  සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් මධ්‍යම පළාත් අණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් ද පත් කෙරුණා. එමෙන්ම අවදානම ප්‍රදේශවල ඉදිකර ඇති ගොඩනැගිලි සහ ඉදිරියේදී ඉදිකිරීමට නියමිත ගොඩැනැගිලි සම්බන්ධයෙන් වාර්තාවක් සකස්කිරීමට ද නියමිතයි.

ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් අංශ ගණනාවක්  ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ඊයේ දිනයේ සඳහන් කළේ එම ගොඩනැගිල්ල නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර නොතිබූ බවයි. පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතාගෙන් ද පොලීසිය ප්‍රකාශ ලබා ගත්තා. කෙසේ වෙතත් ඔහු සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල ඉදිකළේ අදාළ සියලු අනුමැතීන් ලබාගැනීමෙන් පසුව බවයි.

මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අනුමත කළ සැළසුම් මේ වන විට නිවෙස් හිමියන් සතුව නොමැති බැවින් නගර සභාවේ ඇති සැළසුම් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාද මෙම ස්ථානයට ගොස් භූමිය නිරීක්ෂණයට ලක් කළා.

මේ අතර හෙම්මාතගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිදුව ඇති  ඉරිතැලීම් සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පරික්ෂණ පැවැත්වුවා. එම ස්ථානයේ නායයෑමේ අවදානමක් නොමැති බවත් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විශේෂඥ ඉංජිනේරුවරයකු ලවා පරීක්ෂාවට ලක් කළ යුතු බවයි එම නිලධාරීන් ප්‍රකාශ කළේ.

The post දරු පවුලකට ජීවිතය අහිමි වූ පසු බූවැලිකඩ ගොඩනැගිල්ලේ අත්තිවාරම ගැනත් සොයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG