Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ  

Add comments

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (18)  සිට 27 වනදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක සංගමය විසින් 22 වන වරටත් සංවිධානය කරනු ලබන ජාතික පොත් ප්‍රදර්ශනය යි.

මෙරට නවකතාකරුවන් දිරි ගන්වමින් සෑම වර්ෂයකදී ම පවත්වනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවර ද ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී එරික් ඉලයප්පආරච්චි විසින් රචිත “ප්‍රේත” නම් කෘතිය මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර වීමට නියමිත ය.

එසේම පවතින වත්මන් කෝවිඩ් 19 වසංගත රෝග තත්ත්වයත් සමගින් මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිසි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියලුම සෞඛ්‍ය උපදෙස් සහ නීතිරීතිවලට අනුව කටයුතු කරමින් ජනතාව ද මෙයට උපරිම සහය ලබා දිය යුතු බවද මෙහිදී අවධාරණය කරයි.

The post කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG