ලොව විශාලතම තෙත් බිම වන බ්‍රසීලයේ පෙන්ටනල් තෙත් බිමේ වර්ග කිලෝමීටර විසිහතර දහසකට ආසන්න භූමි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන සේවකයින් මහත් පරිශ්‍රමයක් දරණ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. පෙන්ටනල් තෙත්බිම තුළ හටගෙන ඇති ලැව්ගින්න ලෝකයේ ජෛව විවිධත්වයට හා හරිත පද්ධතියට ද අභියෝගයක් වී ඇති බව ජීව විද්‍යාඥයින් පෙන්වාදෙනවා.
කෙසේ වුවද බ්‍රසීලයේ පරිසර පද්ධතියම විනාශ වෙමින් පවතින මොහොතක පරිසරය සුරැකීමට තමා ගන්නා පියවර සම්බන්ධයෙන් ස්තූතිවන්ත විය යුතු බව බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සනාරෝ සදහන් කිරීම හාස්‍යයට කරුණක් බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා. පරිසරය සුරැකීමට ලොව වැඩිම දායකත්වයක් දක්වා ඇති රට ලෙසයි ජනාධිපතිවරයා බ්‍රසීලය හදුන්වන්නේ.
පසුගිය වසරේ ජුලි මාසයේ සිට මෙම වසරේ ජුලි මාසය දක්වා එරට වන විනාශය සියයට 35කින් ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා.
The post බ්‍රසීලයේ පෙන්ටනල් තෙත් බිමෙත් වර්ග කිලෝමීටර විසිහතර දහසක් ලැව්ගින්නෙන් විනාශයි appeared first on ITN News.
Post a Comment