Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුව සැරියෙන් මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනයට පියවර  

Add comments

මේ දක්වා හදිසි අනතුරු සහ අනෙකුත් කායික රෝගීන් නොමිලේ රෝහල් ගත කිරීමට දියත් වූ සුව සැරිය ගිලන් රථ සේවය මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය සඳහා ද යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැරසෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සඳහන් කළේ, පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

මානසික රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම හා ප්‍රවාහනය සම්බන්ධ විශේෂිත ආචාරධර්ම පද්ධතියක් සම්බන්ධයෙන් සුව සැරිය ගිලන් රථ සේවයේ නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට ද නියමිතයි.

ප්‍රවාහනයේ පවතින ගැටලු හේතුවෙන් මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය ප්‍රමාද වන අතර මේ හේතුවෙන් ඔවුන්ට පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

1920 සුවසැරිය ගිලන් රථ සේවයෙන් මානසික රෝගීන් ප්‍රවාහන ලබන මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

The post සුව සැරියෙන් මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනයට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG