Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල අගමැතිට එරෙහිව ඊයේ දිනයේත් උද්ඝෝෂණ  

Add comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට විරුද්ධව පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවේ තවත් එක් උද්ඝෝෂණයක් ඊයේ දිනයේ ද පැවති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දූෂණ චෝදනා හා කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත් වීම සම්බන්ධයෙනුයි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ. මේ වන විට ඊශ්‍රායලය දෙවන වරටත් රට වසා දැමීමට ක්‍රියාකර ඇති අතර වෛරස ව්‍යාප්තිය හමුවේ දෙවනවරට රට වසා දැමූ පළමු රට ලෙසද ඊශ්‍රායලය සඳහන් වෙනවා. වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට අසමත් වීම සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුද ප්‍රසිද්ධියේ අග්‍රාමාත්‍යවරයාව විවේචනය කරන බවයි වාර්තා වන්නේ. නව නිරෝධායන නීති පනවා ඇති අතර ඒ අනුව තම නිවසේ සිට පුද්ගලයෙකුට ගමන් කළ හැකි උපරිම දුර වන්නේ කිලෝමීටරයක දුරක් පමණයි.

 

 

 

 

The post ඊශ්‍රායල අගමැතිට එරෙහිව ඊයේ දිනයේත් උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG