කොරෝනා වෛසරය ආසාදනය වී සුවය ලැබූ ආනමඩුව ප්‍රදේශයේ කාන්තාවක් ස්වසන ආබාධයක් හේතුවෙන් හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී කොරෝනා වෛරසය තවදුරටත් ඇයගේ ශරීරයේ පවතින බව අනාවරණය වි තිබෙනවා.
මේ වන විට ඇය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ. කෙසේ වුවද වෛරසය නැවත වරක් රටතුළ ව්‍යාප්ත වීම පිළිබඳ අනිසි බියක් ජනතාව ඇතිකර ගත යුතු නැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ
මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,283 දක්වා ඉහළ ගියා. ඉන් 3,070 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොරෝනා රෝගීන් 200 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,283ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment