Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හේමසිරිගේ ප්‍රකාශය ද්වේශසහගත බව හිටපු ජනපති කියයි  

Add comments

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව මෛත්‍රීපාල සිරිසේන  මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය ද්වේශසහගත බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි දිනකදී පාස්කු කොමිසම හමුවට පැමිණීමට අවස්ථාවක් ලැබුණහොත් අදාළ සියලු ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍ය කරුණු පැහැදිලි කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

The post හේමසිරිගේ ප්‍රකාශය ද්වේශසහගත බව හිටපු ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG