Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වස්කඩුව ප්‍රදේශයේ දී ලොරි රථයක් පෙරළීමෙන් රථවාහන ධාවනයට බාධා  

Add comments

කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ දී කදන් පැටවූ ලොරි රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් රථවාහන ධාවනයට දැඩි බාධා එල්ල වුණා.

අද (12) පෙරවරු හයයි තිහට පමණයි මෙම අනතුර සිදුවුණේ. අනතුර හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වුණා.

අධික බර පැටවීම හේතුවෙන් ලොරි රථය පෙරළුනු බවයි පොලීසිය පවසන්නේ. එමෙන්ම ලොරි රථයේ නිසි නඩත්තුවක් සිදුවී නැති බවද හෙළිවුණා.

ලොරි රථය මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා.

 

 

 

 

The post වස්කඩුව ප්‍රදේශයේ දී ලොරි රථයක් පෙරළීමෙන් රථවාහන ධාවනයට බාධා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG