ඊයේ රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයට ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් දුම්රිය හා රථවාහන ගමනාගමනය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. නගරයේ පහත් බිම් ප්‍රදේශ ගංවතුරට හසුව ඇති ආකාරය එරට මාධ්‍ය වාර්තාකර සිටියා.
ගතවූ පැය 24 ට මිලිමීටර් 280 ක වර්ෂාපතනයක් මුම්බායි නගරයට ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. ඉදිරි දින දෙක තුළ දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව ඔවුන් සදහන් කරනවා.
දුම්රිය හා රථවාහන ගමනාගමනය අනහිටීම හේතුවෙන් නගරයේ සාමාන්‍ය ජන ජීවිතය අඩාලවී ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.
The post ඉන්දියාවේ මුම්බායි නගරයට ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment