Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යහපාලන රජය විශාල වශයෙන් මෙරටට ටින් මාළු ආනයනය කිරීම නිසා දේශීය ටින් මාළු වෙළෙඳ පොළ විනාශ වුණා  

Add comments

රට වටේම මුහුද තිබියදීත් මෙරටට ටින් මාළු ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේදී කීය.

මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ මෙරට ටින් මාළු ආනයනය සඳහා කර්මාන්ත ශාලා කිහිපයක් පිහිට වූ බවත් නමුත් යහපාලන රජය ටින් මාළු සඳහා තීරු බදු අඩු කිරීම නිසා විශාල වශයෙන් මෙරටට ටින් මාළු ආනයනය කිරීම නිසා මෙරට වර්ධනය වී ගෙන ආ දේශීය ටින් මාළු වෙළෙඳ පොළ විනාශ වී ගිය බවත්අ අමාත්‍යවරයා පැහැදිළි කළේය.

ප්‍රමිතියෙන් තොර , පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුමන්ත්‍රී හේෂා විතානගේ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්‍රශ්නයට පිළීතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.

තාවකාලික වාසි ලබා ගැනීම සඳහා මෙවන් බදු අඩු කිරීම් නිසා විශාල පාඩු සිදුවන බව පැහැදිළි කළ අමාත්‍යවරයා, පසුගිය කොරෝනා වසංගත හමුවේ ජනතාවට සහණ මිලට ටින් මාළු ලබා දුන් බවත් අවශ්‍ය අවස්ථාවලදී සහ ජනතාව යම් කිසි පීඩාවකට පත් වූ අවස්ථාවකදී එලෙස අඩු මිලට ටින් මාළු ලබා දීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවද පැවසීය.

චිලී, තායිලන්තය ඇතුළු රටවල් 33කින් මෙරටට ටින් මාළු ආනයනය කරන බවත් නිසි අධීක්ෂණයක් යටතේ එම කටයුතු සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රමිතියෙන් බාල භාණ්ඩ පිළිබඳ යම් පැමිණිල්ලක් ලැබුණු විගස ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරිය අවධානය යොමු කරන බව පැහැදිළි කළේය.

The post යහපාලන රජය විශාල වශයෙන් මෙරටට ටින් මාළු ආනයනය කිරීම නිසා දේශීය ටින් මාළු වෙළෙඳ පොළ විනාශ වුණා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG