සැලී සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ගල්ෆ් කලාපයේ ඇති වූ සුළං තත්ත්වය දෙවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ෆ්ලෝරීඩා සහ ඇලබාමා ප්‍රාන්ත වලටද පැතිර ගිය බවයි වාර්තා වන්නේ. අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව සහ සුළං හේතුවෙන් ලක්ෂ පනහකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. විදුලි සැපයුමට ද බාධා එල්ල වී ඇති අතර ගමනාගමනයද ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර් හැටක වේගයෙන් හමා යන සුළං හේතුවෙන් නිවාස රැසකට අලාභහානි සිදුව තිබෙනවා.
The post සැලී සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment