යාපනය දිස්ත්‍රික්කයේ ලියා පදිංචි නොකළ ධීවර බෝට්ටු විශාල ප්‍රමාණයක් තිබීම නිසා ධීවර කාර්මිකයන්ට ගැටලු රෑසකට මුහුණ පෑමට සිදු වී ඇතිබව අවබෝධකරගත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමෙන්තුවේ නිළධාරින්ට යාපනයේ ලියාපදිංචි නොකරන ලද බෝට්ටු සියල්ලම ලියා පදිංචි කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව මේවන විට යාපනය දිස්ත්‍රික්කයේ පමණක් බෝට්ටු 83 ක් ලියා පදිංචි කිරිමට කටයුතු කර ඇති බව ධිවර දෙපාර්තමෙන්තුව පවසයි.
පසුගිය කාලයේ දකුණු මුහුදේ වාරකන් පටන්ගැනීමත් සමග දකුණේ ධිවරයන්ගේ බෝට්ටු විශාල ප්‍රමාණයක් මෙසේ උතුරට විකිණිමත් සමග උතුරේ ලියාපදිංචි නොකළ බෝට්ටු ප්‍රමාණය ඉහළ ගෙස් ඇත. මෑතකාලයේ මත්කුඩු ජාවාරම හා මුහුදේ සිදු කරණ නීති විරෝධි ක්‍රියා විශාල ලෙස සිදු වු අතර එමගින් ධීවර කාර්මිකයාටද අපහසුතායට පත්වීමට සිදු විය.
බෝට්ටු ලියාපදිංචි නොකිරීම හේතුවෙන් ආපදාවන් සිදුවු අවස්ථාවක රක්ෂණ වන්දි ලබා ගැනීමට නොහැකි විම හා රජය මගින් යම් යම් අවස්ථාවල ධිවර කාර්මිකයන් සදහා ලබා දෙන සහනාධාර ලබා දීමේදි විශාල ගැටලු රෑසකට මුහුණ පෑමට සිදු වීඇත.
ඒ අනුව උතුරු පළාතේ අනිකුත් දිස්ත්‍රික්ක වල තිබෙන ලියාපදිංචි නොකළ බෝට්ටුද ලියා පදිංචි කිරීම සදහා අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් පත්කර ඇත.
The post යාපනය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොකළ සියලු ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment