නීති විරෝධි ගිනි අවි සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ යක්කලමුල්ල පොලිසිය මගින්.
සැකකරුවන් අවුරුදු විසිපහත් හතළිහත් අතර වයසේ පසුවන අය බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් යක්කලමුල්ල හා අවට ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර හෙරොයින් ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවෙකු මාලඹේ අරංගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් බෙදා හරින පුද්ගලයෙකුයි. බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකුගේ උපදෙස් මත මත්කුඩු බෙදා හැරීම සිදුකරන බවයි සැකකරු පවසා ඇත්තේ.
The post නීති විරෝධි ගිනි අවි සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment