මූල්‍ය වංචාවන්ට අදාළ ගනුදෙනු රැසකට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වන HSBC බැංකුව ඉඩ ලබා දී ඇති බව රහස්‍ය ලියකියවිලි මගින් අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් හෙළිවුවද ඔවුන්ට ලොව පුරා ඩොලර් මිලියන ගණනක මුදල් තම ගිණුම් හරහා හුවමාරු කිරීමට HSBC බැංකුව පහසුකම් සලසා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. බ්‍රිතාන්‍යයේ විශාලතම බැංකුවක් ඇමෙරිකාවේ තම ව්‍යාපාර කටයුතු සඳහා 2013 හා 2014 වසරවලදී හොංකොං රාජ්‍යයේ එච්එස්බීසී බැංකුව වෙත ඩොලර් මිලියන 80 ක පමණ අයථා මුදල් සංචරණයක් සිදුකර ඇති බව ද එහි සඳහන්. එම බ්‍රිතාන්‍ය බැංකුව මෙලෙස මුදල් හුවමාරු කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින්ට අයත් HSBC ගිණුම් හරහා බවද වාර්තා වනවා. ප්‍රමුඛපෙළේ ඇමෙරිකානු බැංකුවක් විසින්ද නමගිය අපරාධකරුවෙකුට ඩොලර් බිලියන 01 කට අධික මුදලක් තම ගිණුම් හරහා හුවමාරු කිරීමට පහසුකම් සලසා ඇති ආකාරය ඇතුළු බැංකු මූල්‍ය වංචා රැසක් මෙම රහස් ලියකියවිලිවල අන්තර්ගත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කෙසේ වුවද මෙම සියලු මූල්‍ය වංචා ඉදිරියේ එච්එස්බීසී බැංකුව නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බවට විශ්ලේෂකයින් චෝදනා කරනව
The post HSBC ලෝක හොරුන්ට අත හිත දුන් බව හෙළි වේ appeared first on ITN News.
Post a Comment