Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීල ජනපතිට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ඕනෑම පුද්ගලයෙකුට සහාය ලබා දෙන බව හිටපු ජනපති කියයි  

Add comments

බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සොනාරෝට එරෙහිව 2022 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ඕනෑම පුද්ගලයෙකුට තම සහාය ලබා දෙන බව හිටපු ජනාධිපති ලූලා දි සිල්වා පවසනවා.

බ්‍රසිල ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන හා වත්මන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට එරෙහිවන අපේක්ෂකයෙකුට තම පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාවය පළවූ බවයි ඔහු ජනතාව අමතමින් ප්‍රකාශ කර සිටියේ. 2003 වසරේ සිට 2010 වසර දක්වා බ්‍රසීලයේ ජනාධිපතිධුරය හෙබවූ ලූලා ද සිල්වා මේ වන විටත් බ්‍රසීලයේ ජනප්‍රියතම දේශපාලන චරිතය ලෙසයි හැඳින්වෙන්නේ. ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනාවලට අදාළව නඩු විභාග පැවැත්වෙන අතර ඒ හේතුවෙන් ඔහුට දේශපාලන කටයුතුවල නිරතවීම තාවකාලිකව තහනම් වනවා. වත්මන් ජනාධිපති ජේර් බොල්සනාරෝ හට ද දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනා හා වෛරස ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකිරීම සම්බන්ධයෙන් ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.

 

 

 

The post බ්‍රසීල ජනපතිට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ඕනෑම පුද්ගලයෙකුට සහාය ලබා දෙන බව හිටපු ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG