අහසින් මාළු වැටෙන පුවත් අප අසා තිබෙනවා. එහෙත් මාළු දැලක් අහසින් වැටුණු පුවතක් වාර්තා වන්නේ පළමුවරටයි.
හලාවත ආදාහනාගාරය පිහිටි භූමියට ඊයේ සවස අහසින් මාළු දැලක් වැටී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. වර්ෂාව පවතින අවස්ථාවේ මෙසේ වැටී ඇති බව කියන මාළු දැලේ දිග අඩි 250 ක්. බර කිලෝග්‍රෑම් 300ක්. අහසේ පාවෙමින් පැමිණ දැල මෙම ස්ථානයට වැටෙන අයුරු කිහිප දෙනෙකු දැක තිබෙනවා. හලාවත් ශිල්ප ආයතනයේ මිලාන් ජෝෂප් මහතා පවසන්නේ හලාවත මුහුද දෙස ඉහළ අහසේ සිට මෙම දැල ආදාහනාගාරය දෙසට වැටුණු බවයි. දැල වැටෙන ආකාරය දුටු කිහිප දෙනෙකු එය රැගෙන යාමට උත්සාහ කළත් නගරසභාවේ මුරකරු ඊට ඉඩ නොදී හලාවත නගර සභාවේ නගරාධිපතිවරයාට මේ බව දැනුම් දී තිබෙනවා. හලාවත වැල්ල ධීවර සමිතියේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම දැල ශ්‍රි ලංකාවේ ධීවරයන් භාවිත නොකර දැලක් බවයි.
The post අහසින් වැටුණු මාළු දැල appeared first on ITN News.
Post a Comment