Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙලාරුස්හි විරෝධතා ව්‍යාපාරවල නිරත වූ සිය ගණනක් අත්අඩංගුවට  

Add comments

බෙලාරුස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර විරෝධතා ව්‍යාපාරවල නිරත වූ සිය ගණනක ජනතාවක් එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙලාරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සිය ධූරයෙන් ඉවත්විය යුතුබව සදහන් කරමිනුයි විරෝධතාකරුවන් විරෝධතා ව්‍යාපාරවල නිරත වන්නේ. ලුකෂෙන්කෝ දීර්ඝ කලක් බෙලාරුස් රාජ්‍යය පාලනය කරන අතර රුසියානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු මස නව වනදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස්කළ බවට චෝදනා කරමිනුයි විරෝධතා කරුවන් උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර ඇත්තේ. විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු බන්ධනාගාරගත කිරීමට ද ලුකෂෙන්කෝ පාලනය කටයුතු කළා.

 

 

The post බෙලාරුස්හි විරෝධතා ව්‍යාපාරවල නිරත වූ සිය ගණනක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG