තලෙයිබාන් සංවිධානය සමග ආරම්භ කළ සාම සාකච්ඡාවන්හිදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බව ඇෆ්ගනිස්ථාන සාම කවුන්සිලයේ ප්‍රධානියා පවසනවා.
වසර 19ක් පුරා ඇෆ්ගනිස්ථානය පුරා පවත්නා ගැටුම් අවම කිරීමේ අරමුණෙනුයි තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්ථාන රජය අතර සාමසාකච්ඡා ආරම්භ කෙරුණේ. කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සදහා ද මෙම සාකච්ඡා අතරතුරදී වැඩි අවධානයක් ලබා දෙන බව ඇෆ්ගන් රජයේ පාර්ශ්වය නිවේදනය කරනවා. කටාර් රාජ්‍ය යේ දෝහා නගරයේ පැවැත්වෙන සාමසාකච්ඡා සදහා ඇෆ්ගනිස්ථාන රජය නියෝජනය කරන කණ්ඩායමෙහි මූලිකත්වය දරනු ලබන්නේ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වූ අබ්දුල්ලා අබ්දුල්ලායි. දෙපාර්ශ්වය අතර සාමසාකච්ඡා ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
The post තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්ථාන රජය අතර සාම සාකච්ඡා appeared first on ITN News.
Post a Comment