Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායන කඳවුරකින් පැන ගිය පුද්ගලයා දුම්රිය ස්ථානයකින් හමු වෙයි  

Add comments

වවුනියාව පම්පමඩු යුද හමුදා නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු පැනගොස් සිටියදී මන්නාරම දුම්රිය ස්ථානයේදී සොයා ගත් බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසනවා.

ඊයේ පෙරවරුවේ කඳවුරෙන් පැන ගොස් ඇති මෙම පුද්ගලයා පස්වරුව වන විට සොයා ගැනීමට හැකි වූ බවයි  වන්නිආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කළේ. සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙස මන්නාරම දුම්රිය ස්ථානය සහ අවට ප්‍රදේශය විෂබීජහරණය කිරීමට කටයුතු කෙරුණා. කටාර් සිට පැමිණි හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකුයි මෙලෙස පැන ගොස් තිබුණේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මෙම පුද්ගලයා කොළඹට රැගෙන ගිය බවද වන්නිආරක්ෂක සේනා  මූලස්ථානය සඳහන් කළා.

 

The post නිරෝධායන කඳවුරකින් පැන ගිය පුද්ගලයා දුම්රිය ස්ථානයකින් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG