Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මංතීරු නීතිය හෙට සිට අකුරටම  

Add comments

කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග ආශ්‍රිතව මංතීරු නීතිය බලාත්මක කිරීමේ වැඩසටහන නැවත අරඹමු මහ මග විනය මැයෙන් හෙට සිට ආරම්භ කෙරෙනවා.

ඒ පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණිනුයි මංතීරු නීතිය ක්‍රියාත්මක වන්නේ. මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රධාන මාර්ග 4 ක් ඔස්සේ හෙට සිට ලබන බදාදා තෙක් පෙරවරු හයේ සිට පෙරවරු 10 දක්වා පැවැත්වෙනවා. එම නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මාවත, පොල්දූව හන්දියේ සිට ආයුර්වේද හන්දිය, කාසල් පාර, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත හා ලිබර්ටි වටරවුම දක්වා මාර්ගය එක් මාර්ගයක් වනවා. බේස්ලයින් පාර,  කැලණිය පාලම සිට, හයිලෙවල් පාර හන්දිය දක්වා ද හයිලෙවල් පාර අනුලා විද්‍යාලය අසල සිට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, තුංමුල්ල වටරවුම, තර්ස්ටන් පාර, මාකස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, මල්පාර හන්දිය හා පිත්තල හන්දිය දක්වා වූ මාර්ගය ද මෙම නීතියට යටත් වනවා. ගාලු පාර, විලියම් හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර හා එන් එස් ජී වටරවුම දක්වා මාර්ගයේ ද නීතිය ක්‍රියාත්මක වනු ඇති. නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබද සොයා බැලීමට රථ වාහන පොලීසිය නිරන්තර අධීක්‍ෂණයකින් කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

මෙම නීතිය සදහා සහයෝගය දැක්වීම ජනතාවගේ ද වගකීමක් වන අතර නීතිගරුක රටක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව ඉටු කිරීම අපේක්‍ෂාව බව ද පොලීසිය සඳහන් කළා. වෙට්ටු දමමින් මාර්ගය විනයකින් තොරව භාවිත කරන රියදුරෙකු වෙනුවට වගකීම් සහගත රියදුරෙකු ලෙස රට වෙනුවෙන් ඉටු කිරීමට කාර්ය භාරයක් ඔබටත් තිබෙනවා. රටකට නීතියක් හා විනයක් අවශ්‍යයි කියන අපම එම නීතිය හා විනය ආරක්‍ෂා කිරීමට කටයුතු නොකළහොත් පොලීසියට පමණක් ඒ සියල්ල කළ හැකි වන්නේ නැහැ. තරාතිරම කුමක් වුවත් වාහනයක සුක්කානමට අත තබන අප සියලු දෙනා සිතට ගත යුතු දෙය නම් විනයක් ඇතිව එය පැදවීම අපගේ සාමූහික වගකීමක් වන බවයි.

 

The post මංතීරු නීතිය හෙට සිට අකුරටම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG