Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයට යළි සම්බාධක පනවන බව ඇමරිකාව කියයි  

Add comments

ඉරානයට යළිත් සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කළා. ජගත් සංවිධාන අවි ආයුධ පිලිබඳ සම්බාධක පැනවීමයි අරමුණ.

ඉරානය න්‍යෂ්ටික කි‍්‍රයාකාරකම් සිදුකරන බවට ඇමරිකාව චෝදනා කළා. මහා බලවතුන්ගේ සහභාගීත්වයෙන් 2015 දී ඇති කරගත් ගිවිසුමෙන්ද ඔවුන් ඉවත් වුණා.

මීට පෙර ආරක්ෂක මණ්ඩලයට ඇමරිකාව ගෙන ආ යෝජනාවට බහුතර නියෝජිතයන් එකඟත්වය පළකළේ නැහැ. ඒ අනුවයි යළිත් සම්බාධක පැනවීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ.

බි‍්‍රතාන්‍ය , චීනය, රුසියාව සහ ප‍්‍රංශය ඇතුළු රටවල එකඟත්වය මෙතෙක් ඊට ලැබී නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි ඉරානය පවසන්නේ.

The post ඉරානයට යළි සම්බාධක පනවන බව ඇමරිකාව කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG